ගෑස් සිලින්ඩර 75,000 ක් අද පිට පළාත්වලට

වාහනවල අංක තහඩුවේ 0, 1 හා 2 යන අවසාන අංකවලට අද (23) දිනයේ දී ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව පවතිනවා.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිටම ඇතැම් පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
එමෙන්ම ඊයේ දිනයේදීද ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල කළහකාරි සිද්ධීන් වාර්තා වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ කටයුතු ද තවදුරටත් අඛන්ඩව සිදුකරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.
ඒ අනුව අද දිනයේ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමටයි එම සමාගම සැළසුම් කර ඇත්තේ.
ඉන් 75,000 ක්ම කොළඹින් පිට ප්‍රදේශවලට බෙදා හැරීමට නියමිතයි.
මේ අතර අද දිනයේදීත් පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.