පාසල් දරුවන් ප්‍රවාහන කරන වාහනවලට ඩිපෝවලින් ඉන්ධන

පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ සදහා දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ. 

අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත මෙම උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව අද පස්වරු 3.00 සිට පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන සඳහා ශ්‍රී ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීම සිදු කෙරේ. 

Leave a Reply

Your email address will not be published.