දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම උතුරුමැද පළාතේ සහ ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.