ජනපති රනිල් ට ආ දුරකථන ඇමතුම

බ්‍රිතාන්‍ය ආමාත්‍යවරයෙකුගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් විසින් මෙම දුරකථන ඇමතුම ලබාදී ඇති බව වාර්තා වේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවය.

සාමකාමී විරෝධතා, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේදී තම අවධානය යොමුවූ බව තරික් අහමඩ් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

පවතින අභියෝග මධ්‍යයේ බ්‍රිතාන්‍ය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සූදානම් බව එම අමාත්‍යවරයා සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.