බ්‍රසීලයේ අපරාධ කල්ලියක් පාලනය කළ නගරයක සිදු කළ වැටලීමෙන් 18ක් මරුට

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේ අපරාධ කල්ලියක් විසින් පාලනය කරමින් තිබූ දුගී ප්‍රදේශයක් වන ‘ඇලේමාවෝ ෆවෙලා’ ප්‍රදේශයේ පොලිසිය විසින් පෙරේදා (21දා) සිදු කළ හදිසි වැටලීමකදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇත.

ආයුධ සන්නද්ධ හමුදා පොලිස් නිලධාරීන් 400 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම වැටලීම ඇලේමාවෝ ෆවෙලා ප්‍රදේශය පාලනය කළ අපරාධ කල්ලියේ සාමාජිකයන් ඉලක්ක කරගෙන සිදු කර ඇති අතර එහිදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් මිය ගිය පුද්ගලයන් 18 දෙනාගෙන් 16 දෙනෙකු අපරාධ කල්ලියේ සාමාජිකයන් බව හඳුනාගෙන තිබේ. ප්‍රහාරයේදී මිය ගිය ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු පොලිස් නිලධාරියකු වන අතර ඉතිරි පුද්ගලයා එම ප්‍රහාරය අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් අයෙකු බව හඳුනාගෙන තිබේ. බ්‍රසීල හමුදා පොලිස් නිලධාරීන් 400 දෙනෙකු ඇලේමාවෝ ෆවෙලා ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා ඇති අතර පොලිස් වැටලීම දිනය පුරා ක්‍රියාත්මක වීම හේතුවෙන් ප්‍රදේශයේ දහස් ගණනක් වූ ජනතාවට සිය නිවෙස්වලම කොටු වී සිටීමට සිදුව තිබිණි.

Leave a Reply

Your email address will not be published.