මැතිව්ස් ට අර්ධ ශතකය අහිමිවෙයි

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ඒ අනුව තමාගේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු රැසක් සමගින් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ට ඉතා අවාසනාවන්ත ලෙස සිය අර්ධ ශතකය අහිමිවී ගියේය.

ඔහු දැවීයන විට පන්දු 106කට ලකුණු 42ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වැනි ක්‍රීඩකයා වන්නේ මැතිව්ස් ය.

35 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 100ක් තුළ රැස් කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 6,918කි.

එහිදී ඔහු දිත්ව ශතකයක්, ශතක 13ක් සහ අර්ධ ශතක 38ක් ලබාගෙන ඇත.    

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 100කට වැඩියෙන් ක්‍රීඩා කර ඇති අනෙක් ක්‍රීඩකයින් වන්නේ…

මහේල ජයවර්ධන (149)

කුමාර් සංගක්කාර (134)

මුත්තයියා මුරලිදරන් (132)

චමින්ද වාස් (111)

සනත් ජයසූරිය (110)

Leave a Reply

Your email address will not be published.