සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අද (24) නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 315ක් රැස් කරගෙන සිටියේය.
තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ඕෂද ප්‍රනාන්දු ලකුණු 50ක් රැස් කළ අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 40ක් රැස්කළේය.
තම 100වන ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස ලකුණු 42කට දැවී ගියේය.
අද දිනයේ අගනා ඉනිමක් ක්‍රීඩාකළ දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් රැස්කළේය.
හෙට තරගයේ දෙවන දිනයයි.