ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, සුබ පැතුම් ලිපියක් එවා තිබේ.
ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා ශ්‍රී ලංකා රජයට ඉන්දියාව අඛණ්ඩව සහයෝගය දක්වන බව අගමැති මෝදි එම ලිපියේ සදහන් කර ඇත.
ජනතාවට ප්රතිලාභ ලැබීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.
එසේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන, සමීප සහ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු වන බව ද ඉන්දීය අගමැතිවරයා සදහන් කර ඇත.