හොර ටැංකි හදාගෙන පෙට්‍රල් ගහන්න ආ ඩීසල් කැබ් දෙක

කැබ් රථ දෙකක ඇන්ජිම හා ඉන්ධන ටැංකිය අතර ඉන්ධන ගමන් මාර්ගය ව්‍යාජ ලෙස වෙනස් කර හා අංක තහඩුව ද ව්‍යාජ අයුරින් වෙනස් කර පෙට්රල් ගැනීම සඳහා බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ රඳවා තිබූ කැබ් රථ දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (25) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

ඩීසල්වලින් ක්‍රියාත්මක වන වාහන දෙකක ලියාපදිංචි අංක තහඩුව ව්‍යාජ ලෙස වෙනස් කර ඉන්ධනහලට ආසන්නව සහ පෝලිමේ මැද හරිය වන්නට රඳවා තිබෙන බවට බණ්ඩාරගම පොලිසියට අන්යුක්ත බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් අනුව මෙකී වාහන දෙක සොයා ගත් බව පොලිසිය කියයි.

ඊට අමතරව ලියාපදිංචි අංක තහඩුවේ සඳහන් ඩීසල් යනුවෙන් හඳුන්වන කෙටි ‘ඩි‘ ඉංග්‍රීසි අක්ෂරය ව්‍යාජ ලෙස ‘පී‘ යනුවෙන් සකස් කර තිබූ බවත්

පරික්ෂා කිරීමේදී දැකගත හැකි හැකිවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙකී වාහන දෙක මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පුද්ගලයෝ දෙදෙනා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ ය.

Leave a Reply

Your email address will not be published.