මුව ආවරණ පැලඳීම ගැන දැඩි නිර්දේශයක්

පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය හමුවේ මුව ආවරණ පලඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය ආමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යංශය සඳහන් කළේ, මහජනතාව ගෘහස්ථ පරිශ්‍රවල,  පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදී මුව ආවරණ පැලඳීය යුතු බවය.

එය නීතියක් වශයෙන් පැනවීමක් සිදුනොකළ ද සියලු ජනතාව මුව අවරණ පැලඳීම මෙම අවස්ථාවේ අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මාස කිහිපයකට පසු මෙරටින් කොවිඩ් -19 වෛරස් ආසාදිතයින්ගේ මරණ වාර්තා වීම ද ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.