තෙල් මිල ළඟදී ම අඩුවෙයි!

ඊළඟ මිල සූත්‍ර සංශෝධනයේදී ඉන්ධන මිලෙහි අඩුවීමක් විය හැකි බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉඟියක් පළ කරයි.

ලබන අගෝස්තු පළමු වන දා මෙම මිල සංශෝධනය කිරීමට නියමිත අතර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දැනට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්‍ෂව බොහෝ දුරට ඉන්ධන මිලෙහි අඩුවීමක් අපේක්‍ෂා කරන බව ය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සෑම මසක ම 1 වන දාත් 15 වන දාත් රාත්‍රියේදී සිදුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

විද්‍යුත් නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published.