‍දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙසිට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණූ 378ක් ලබා ගත්තේය.

ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 231කි.

ඊයේ දිනය නිමාවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 176ක් ලබා සිටියේය.

Leave a Reply

Your email address will not be published.