2024 වසර වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බව රුසියාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එහි දැනට සේවය කරන රුසියානුවන් ගෙන්වා ගැනීමටත් අලුතින් කිසිවෙකුත් එහි නො යැවීමටත් තීරණය කර ඇති බව යි ඔවුන් සඳහන් කළේ.
අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයවන ප්‍රධානතම මධ්‍යස්ථානය වන මෙය ඇමරිකාවේ සහ රුසියාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල්වලට දක්වන විරෝධයක් ලෙස රුසියාව මෙම තීරණය ගෙන ඇති බව යි විදෙස් වාර්තා සඳහන් කළේ.
2022-07-27