ජනපති මහ ගෙදරට යයි

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වන රටේ ක්‍රමය වෙනස් කිරීම තමාගේ ද පිළිගැනීම යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට සියලුදෙනාට ඉඩක් ඇති අතර අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය තිබෙන බව ජනාධිපතිවරයා කීය. විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද අරගලයට එක්ව සිටි අයුරු තමා දුටු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය අමතමිනි.

තමා ජනාධිපති ධූරය බාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බව ද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.