විදෙස් මුදල් ජාවාරමක් නීතියේ රැහැනට හසුවෙයි

බලපත්‍ර නොමැතිව විදෙස් මුදල් ළග තබා ගත් පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙම පුද්ගලයා  වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ පිහිටි නිවසේ දී ඊයේ (27)  අත්අඩංගුවට ගෙන ඇත.

කොක්මාදූව පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරිමේ දී මෙම මුදල් තොගය සොයා ගෙන තිබෙයි.

අදාළ නිවස තුළ තිබී අමෙරිකානු ඩොලර් 18,208, යුරෝ 20,035ක්, එංගලන්ත පවුම් 645ක්, ජපන් යෙන් ලක්ෂයක්, කටාර් රියාල් 1000, ඩිරාම් 18,500ක් ඇතුළු විදෙස් මුදල් තොගයක් සොයාගෙන තිබේ.

සැකකරු 27 හැවිරිදි සැකකරු අද (28) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.