පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු නිට්ටඹුව නගරයේදී පසුගිය මැයි මස 9 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හදුනාගත් තවත් පුද්ගලයන් 8 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
පොලිසිය එම පුද්ගලයන් අට දෙනාගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් පිළිබඳ තොරතුරු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ෂන කොට්ඨාෂයේ 0112514217 (අධ්යක්ෂ) හෝ 0718592868 (සහකාර අධ්යක්ෂ) දුරකථනවලට ලබාදෙන ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත්කර සැකකරුවන් 35 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් බහුතරයක් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හදුනාගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් පවසයි.






