ICC ටෙස්ට් ශුරතා ශ්‍රේ‍ණිගත කිරීමේ ශ්‍රී ලංකාව නැවතත් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ශූරතා තරගාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට නැවතත් පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි.
මෙම ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ පළමු වන ස්ථානයේ රැඳී සිටින්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
මේ දක්වා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග 7 කට එක්වී වී ඇති දකුණු අප්‍රිකානු කණ්ඩායම ඒ අතුරෙින් තරග පහක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 60 ක් ලබා සිටිනවා,
ඔවුන් පරාජය වී ඇති තරග සංඛ්‍යාව දෙකක්.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 71.43% ලෙසින්.
දෙවන ස්ථානයේ පසුවන ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මේ දක්වා තරගාවලියේ එක්වී ඇති තරග සංඛ්‍යාව 10 ක්.
ඒ අතරෙන් ඔවුන් තරග හයක් ජයග්‍රහණය කර එක් තරගයක් පරාජය වී තරග තුනක් ජය පරාජයෙන් තොරව නිමා කර ගනිමින් ප්‍රසාද ලකුණු 84ක් ලබාගෙන තිබෙනවා.
ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රතිශතය දැක්වෙන්නේ 70% ලෙසින්.
ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ තුන්වන ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා එක් වී ඇති තරග සංඛ්‍යාව දහයක්.
ඒ අතරින් තරග හතරක් පරාජය වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කරගෙන තරග පහක ජයග්‍රහණ ඔවුන් ඉදිරියේ ලියා ගන්නට සමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 64ක් ලබාගෙන ඇති අතර ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 53.33% ලෙසින්.
මෙම තරගයේ ලද පරාජයත් සමඟ පාකිස්තාන කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ පස් වන ස්ථානය දක්වා පහත වැටී ඇති අතර ඔවුන් මේ දක්වා එක් වී ඇති තරග නවයෙන් තරග හතරක් ජයග්‍රහණය කර තරග තුනක් පරාජය වී තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සමත් වී තිබෙනවා.පාකිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රතිශතය දැක්වෙන්නේ 51.85% ක් වශයෙන්.මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ ඉන්දීය කණ්ඩායම පසුවන අතර 6 වන ස්ථානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, හත්වන ස්ථානයේ එංගලන්ත කණ්ඩායමත් පසු වනවා.නවසීලන්ත කණ්ඩායම මෙම ලැයිස්තුවේ 8 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශ කණ්ඩායම පසු වන්නේ 9 වන ස්ථානයේයි.

Leave a Reply

Your email address will not be published.