වැල්ලවත්තේදී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙති

වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියක වන අතර ඇය ග්‍රාසියන් කොටස, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

වැල්ලවත්ත පොලිස් වසමේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අසලදී කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පෙරේදා (ජූලි 28) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ, මියගිය තරුණිය සහ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණිය එක ම පවුලේ සහෝදරියන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව ය.

Leave a Reply

Your email address will not be published.