ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත අසත්‍යයක් බව ජැක්සන් ඇන්තනීගේ දියණිය පවසයි.
සිය ෆේස්බුක් ගිණුමෙ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබේ.
ජැක්සන් ඇන්තනී ජූලි 2 වන දා රූගත කිරීමකට ගොස් එන අතරතුර අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක් විය.
පසුව ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි.
අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත ඔහුව මාරු කර යැවූ අතර සැත්කමකින් පසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු මේ වන විට ත් ප්‍රතිකාර ලබමින් සිටියි.
එම අනතුරින් ඔහු සමග ගමන් ගත් තවත් දෙදෙනෙකුට තුවාල ලබා තිබිණි.
