රට පනින්න ගිය 47ක් අල්ලයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත  වෙන්නප්පුව පොලිසිය හාවෙන්නප්පුව නගරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි සැකකටයුතු වෑන් රථ 03 ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයන් අතර වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 37 ක්, කාත්තාවන් 06 ක් සහ වයස අවුරුදු 18 ට අඩු 04 ක් ඇතුළු පුද්ගලයන් 47 දෙනකු  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම  පිරිස යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, කල්මුනේ, මඩකලපුව, පුත්තලම, හලාවත, මාරවිල, මහවැව, මුන්දලම සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published.