ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍රත්වයේ විරසකයක් ඇතිවීමට ඉඩනොදිය යුතුයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වයේ විරසකයක් ඇති කිරීමට බාහිර බලවේගවලට ඉඩ නොතැබිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.

පවතින අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර තුළින් ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය ශ්‍රී ලංකාවට කෙතරම් වැදගත්ද යන්න පෙන්නුම් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

චීන ඔත්තු නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළ වූ පුවතෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවයේ ඉරිතැලීමක් ඇති බවට රාවයක් පැතිර යන බව පවසන මන්ත්‍රීවරයා මෙය ඉතා භයානක තත්වයක් බව ද සඳහන් කර තිබේ.

චීනයේ සූක්ෂම ඔත්තු නෞකාවක් මගින් ඉන්දියාවේ ඔත්තු බලන බවට ආන්දෝලනාත්මක තොරතුරු නිකුත් වී ඇති බැවින් ශ්‍රී ලංකාව මේ පිළිබඳව පූර්ණ අවධානය යොමු කළ යුතු බවත්, ශ්‍රී ලංකාව ඉන්දියාව, චීනය වැනි රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වා ගත යුතු නමුත් වෙනත් රටක් සම්බන්ධයෙන් ඔත්තු බැලීමට හෝ වෙනත් රටක් සමඟ ඇති වෛරය සමථයකට පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කර ගැනීමට ඉඩ නොතැබිය යුතු බවද ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published.