ඕපනායක පොලිස් වසමේ අකරැල්ල ප්‍රදේශයේදී විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තෙකුට ඔහුගේ පියා නියනයකින් පපුවට ඇන ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ය.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුද 31ක් වන අකරුල්ල, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු බීමත්ව නිවසට පැමිණ නිවසේ සිටි ඇවිදීමට සහ කතා කිරීමට නොහැකිව අබාධිත තත්වයෙන් පෙළෙන තම පිරිමි දරුවාට නියනකින් පපුවට ඇන තුවාල සිදු කර තිබේ.
පසුව ඔහු ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ (ජූලි 31) උදෑසන මියගොස් ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු වන මරණකරුගේ පියා පොලිසිය අත්අඩංගුව ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.