නාවලපිටියේ කාන්තාවක ඇතුළු තිදෙනෙක් දියේ ගිලි අතුරුදන් වෙති

නාවලපිටිය, අක්කරවත්ත ප්‍රදේශයේදී කැටඹුලාව ඔයෙන් එතෙර වීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක දියේ ගිලී අතුරුදන් වී තිබේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ, වයස අවුරුදු 36,46 සහ 47 වයස්වල පසුවන කැටඹුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඊයේ (අගෝ. 1) දහවල් කාලයේදී ඔවුන් දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලිසිය පැවසීය.

අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු පොලිසිය සහ ප්‍රදේශවාසීහු එක්ව සිදු කරනු ලබති.

මේ අතර හැටන්, මොන්ටෆෙයාර් කොටස ප්‍රදේශයේදී නිවස වෙත ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු ලිස්සා ගොස් පැනමූර් ජලාශයට වැටී අතුරුදන් වී තිබේ.

අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වූ ඇබෝස්ලිවත්ත, හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේදී ඔහු සමග ගමන් කරමින් සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනො සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු පොලිසිය හා ප්‍රදේශවාසීන් සිදු කරනු ලබන අතර හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.