මහ කන්නෙන් පස්සේ කුකුල්ලු ගනං බස්සති

මහ කන්නයේ දී  හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට සියලු කටයුතු  සකසා අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වනවිට දියර කිරි, බිත්තර හා කුකුළු මස් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හිඟවීම බව කී අමාත්‍යවරයා බඩ ඉරිඟු ආනයනය කිරීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය නොමැතිවීමත් බඩඉරිඟු වගා කරන රටවල් තම නිෂ්පාදන අපනයනය කිරීමට කටයුතු නොකිරීම නිසා සත්ව ආහාර හිඟය පවතින බව සඳහන් කළේය.

මේ නිසා අපේ රටට අවශ්‍ය බඩ ඉරිඟු වගා කර ගැනීම විනා වෙනත් විකල්පයක් නැතැයි ද  මාස් කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ බීජ ප්‍රමාණය ලබා දීමට කෘෂි බීජ වගාකරුවන්ගේ සංගමය එකඟත්වය පළ කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published.