කිව්.ආර්. දෙවැනි දිනයේ ඉන්ධන ලීටර ලක්‍ෂ 50 ක් දීලා

ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේත ක්‍රමය ක්‍රියාත්මක කළ දෙවැනි දිනය වූ අද (3) පෙරවරු 6.00 දක්වා පැය 24 ක කාලය තුළ ඉන්ධන ලීටර 5,038,481 ක් නිකුත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

මෙම ඉන්ධන ප්‍රමාණය ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් 776 ක් සහ අයි.ඕ.සී. පිරවුම්හල් 127 ක් ඇතුළු ඉන්ධන පිරවුම්හල් 903 කින් නිකුත් කර ඇති බවත් එහිදී පෙට්‍රල් ලීටර 3,486,144 ක් සහ ඩීසල් ලීටර 1,552,336 ක් නිකුත් කර ඇති බවත් බලශක්ති අමාත්‍යංශය කියයි.  

බලශක්ති අමාත්‍යංශය පැවසුවේ අද පෙරවරුව වන විට කිව්.ආර්. කේතයට වාහන 5,274,730 ක් ලියාපදිංචි වී සිටි බවත්ය. 

Leave a Reply

Your email address will not be published.