ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට

රජයට එරෙහි විරෝධතාවන් දියත් කිරීමේ ප්‍රබල සංවිධානයක් වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාව අද සවස කොටුව පොලිසිය පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුව ගෙන ඇත්තේ ගුරුමැදුර කාර්යාලයේ සිටියදී වන අතර එම අත්අඩංගුවට ගැනීමට අදාලව කිසිඳු වරෙන්තුවක් ඉදිරිපත් කර තිබුනේ නැත.

දිගින් දිගට ප්‍රශ්න කිරීමේදී 5-28 දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු නඩුවකට ඔහු පෙනී නොසිටි නිසා අත්අඩංගුවට ගන්නා බව දන්වා සිටි පොලිසිය  ස්ටාලින්ව ගෙන ගියේය.

මෙම අවස්ථාවේ ගුරු සංගමයේ සාමාජිකයින්ද ඔහුව රැගෙන යාමට විරෝධය දක්වමින් සිටි අතර විඩියෝ කරමින් සිටි අතර පොලිස් කන්ඩායමේ සාමාජිකයින්ද සිද්ධිය වීඩියෝ කරමින් සිටිනු වාර්තා විය.

මින් ඉහත ගෝඨාභය ජනපති සමයේ ගුරු සංගමය මර්දනය කිරීමට ජෝසප් ස්ටාලින් ඇතුළු සාමාජිකයින් උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගන්නට පොලිසිය යොදවා තිබූ නමුත් එම සිද්ධියෙන් පසු එවක රජය මානව හිමිකම් සම්බන්ධ ගැටලුවලට මුහුණ දුන් අතර ගුරුවරුන්ගේ දීර්ඝ වර්ජන රැල්ලක පීඩාවටද රජය  ලක්විය.

Leave a Reply

Your email address will not be published.