දුම්රිය දෙපාර්තමේන්තුවේ පුටු මාරුවක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී. ගුණසිංහ වැඩ භාර ගෙන තිබේ.

අද (අගෝ. 4) පෙරවරු 10.00ට පමණ ඔහු දුම්රිය මූලස්ථානයේදී ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් සිය පත් වීමේ ලිපිය ලබා ගෙන ඇත.

ගුණසිංහ මහතා මීට පෙර මුදල් අමාත්‍යංශය සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ.

මෙතෙක් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා ප්‍රවාහන අමාත්‍යංශයේ තාක්ෂණික සේවා අංශයේ අතිරේක ලේකම්වරයා ලෙස පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.