අරගලයට කුමක් වෙයිද?

‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ සංවිධානය අද දින ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට සහභාගී වු අතර ඒම සාකච්ඡාව සදහා තමන් සහභාගීවුයේ ඔවුන් ඉදිරිපත් කළ විසි වැදෑරුම් යෝජනාවලිය ජනාධිපතිවරයා සාධනීය ලෙස සලකා බැලීම නිසා බව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ ලේඛම් සමිත් බෝධිපක්ෂ මහතා අප වෙත පැවසීය.

පවතින අයහපත් කාළගුණය නිසා අරගල භුමියෙන් ඉවත් වීමට දින දෙකක කාල සීමාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය ඉල්ලීමක් කර ඇති අතර ඒ් පිළිබදව සොයා බැලීම සදහා මනුෂ නානායක්කාර අමාත්‍යවරයා හා ‌ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන ඇතුලු කිහිප දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කොට ඇත.

‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා කිහිපයක් මෙහිදී ඉදිරිපත් කොට ඇති අතර අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම් නතර කිරීම,අත්අඩංගුවට ගත් අරගලකරුවන් නිදහස් කිරීම,ඇමති මණ්ඩලය සීමා කිරීම,රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම නතර කොට ඒ් වෙනුවට අතිරේක ලේඛම්වරු පත් කොට ඔවුන් අමාත්‍යාංශ ලේඛම්වරුන්ගේ අධීක්ෂණයට ලක් කිරීම යන යෝජනා වේ.

Leave a Reply

Your email address will not be published.