ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිටි උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

2021 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නොහැකි වූ අපේක්ෂකයන් ලබන 10 වනදාට පෙර ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

විභාග අංකය, නම, විෂය හා අයදුම්කරුගේ වට්ස් ඇප් දුරකතන අංකය 071 815 67 17 යන වට්ස් ඇප් අංකය වෙත යොමු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම් .ඩී ධර්මසේන මහතා පවසයි.

 එළඹෙන ලබන 10 වනදායින් පසුව ඉදිරිපත් කරන ඉල්ලීම් සඳහා අවස්ථාව හිමි නොවන බව ද නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

2021 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මාසය තුලදී පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේය

Leave a Reply

Your email address will not be published.