ජනපති රනිල්ට ජපානයෙත් සහාය

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට උනන්දුවෙන් සිටින බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ දියුණුව වෙනුවෙන් දිගු කලක් තිස්සේ කැපවී සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සිය සතුටට හේතු වූ බවද ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ නායකත්වය ගැන විශ්වාසයක් තබන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවද ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.