සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහළ යාමත් සමග බත් පැකට්ටුවක හා තේ කෝප්පයක මිල පහත දැමීමට පියවර ගන්නා බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති අසේල සම්පත් අදහස් දක්වමින් මේ බව පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, වෙළෙඳපොළේ ඇති ආහාර ද්‍රව්‍යවල තොග මිල පහත යාම, ගමට ද රැගෙන යාමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ය.
පිටකොටුවේ රු. 270කට අලෙවි වන සීනි කිලෝවක් කොළඹින් පිට අලෙවි වන්නේ රු. 350කට හෝ ඊට වැඩි මුදලකට බව ඔහු පෙන්වා දුන්නේ ය.
“අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කරුණාකරලා පාරිභෝගිකයා ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් හදන්න. ඒ සඳහා අපි උදව් කරනවා.”