රිජ්වේ රෝහලෙන් කොවිඩ් දරුවන් 12ක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ්  රෝගී දරුවන් 12 දෙනකු පමණ වාර්තාවී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය.

කොවිඩ්  රෝගී දරුවන්ගේ වැඩි වීමක් පෙනෙන්නට ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙයට අමතරව ඩෙංගු වැලඳුණු දරුවන්ගේද  වැඩිවීමක් රට පුරා දක්නට ලැබෙන බව පැවසූ විජේසූරිය මහතා දරුවන් මේ රෝගයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට මවුපියන් හැකි උපරිමයෙන් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

දරුවන් මදුරු දෂ්ටනයෙන් බේරා ගැනීම වැදගත් බවද  ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published.