බිස්කට් සමාගම් වලට රතු එළියක්

සහල් සම්බන්ධ පාලන මිල වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, බිස්කට් සමාගම් මිල ඉහළ දැමීම පිළිබදව ද අවධානය යොමු වී තිබෙන බවත් අවශ්‍ය වුවහොත්, එය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර භාණ්ඩයේ මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය යටතට ගන්නා බව වෙළද හා ආහාර සුරක්ෂිතතා  අමාත්‍යවරයා සඳහන් කරයි

අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ අද දින (10) වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඉකුත් සතියේදී පරිප්පු කිලෝවක මිල රුපියල් 175කින් ද, ආනයනික සහල් 45 කින්,සීනි 25 කින් පමණද, වෙළෙඳපලේ අනිකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල තොග මිල ගණන්ද සැලකිය යුතු අන්දමින් පහළ ගිය බවත්, එම මිල අඩු වීම සිල්ලර මිල ගණන් යටතේ සාමාන්‍ය ජනතාවට හිමි විය යුතු බවත් විශේෂයෙන් සඳහන් කල අමාත්‍යවරයා ඒ සදහා පාරිභෝගික අධිකාරිය සමඟ එක්ව අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය.

සත්ත්ව නිෂ්පාදන සදහා මිනිස් පරිභෝජනයට සුදුසු සහල් භාවිතා නොකරන ලෙස ගැසට් පත්‍රයක් හරහා දැනුම් දෙන ලද අතර මාසයක් ඒ සඳහා කල් ලබා දී තිබූ බවත්, එලෙස කටයුතු කරන තැනැත්තන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා නෛතික පියවර ගන්නා බවත්, පසුගියදා හාල් ටොන් 4000ක් අත්තඩංගුවට ගන්නා ලද්දේ ඒ අනුව බවත් සඳහන් කළ අමාත්‍යවරයා, සත්ත්ව ආහාර සඳහා විකල්පයක් අවශ්‍ය බවද, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බඩඉරිඟු ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය මැදිහත් වූ බවද, ඉදිරියේදී බඩඉරිගු වැනි අහාර ද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය වැඩි කිරීමට කෘෂිකර් ම අමාත්‍යාංශය වැනි අනිකුත් අමාත්‍යංශ සමඟ එක්ව කටයුතු කරන බවද සදහන් කරන ලදී.

මෙම අවස්ථාවට එක්වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා මේ වන විට 5964 වෙළෙඳපල වැටලීම් සිදු කර ඇති බවත්,1974 කෙටි දුරකථන අංකය හරහා පාරිභෝගිකයාට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් හා 2022.06.29 දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉදිරිපත් කළ ගැසට් පත්‍රය අවසන් ඇසුරුමේ මිල සදහන් කර වෙළෙඳපළට නිකුත් කළ යුතු බවත් සදහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published.