බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක්

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලු ම දිනයන් හි දී සිදු කිරීමට වැඩපිළිවෙළක් සකස් වී තිබෙනවා.
රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වන විට සහනයක් ලැබී ඇති බැවින් එම තීරණය ගත් බව යි නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ.
ඒ අනුව 2022 ජුනි 29 වැනි දා සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා 2022 අගෝස්තු 31 දක්වා දඩ අයකිරීමක් සිදු නො කරන බව ද සඳහන්.

Leave a Reply

Your email address will not be published.