වසර දෙකකට පසු නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා නඩු

නැඟෙනහිර මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් නඩු පැවරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ පියවර ගෙන තිබෙනවා.
වසර දෙකකට පසු මෙලෙස අදාළ නෞකාවට නඩු පැවරීමට තීරණය කර ඇත්තේ රක්ෂණ සමාගම විසින් මෙතෙක් ඊට අදාළ වන්දි මුදල ගෙවීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන්.
2020 වසරේදී අදාළ නෞකාව ඉන්දියාවට බොරතෙල් රැගෙන එමින් තිබියදී ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්ව තිබුණා. පසුව නිව් ඩයමන්ඩ් නෞකාව ඉන්දියාවට රැගෙන යෑමටයි කටයුතු කර තිබුණේ. සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබුණා.
නෞකාවේ ඉන්ධන කාන්දුවීම හේතුවෙන් පරිසරයට සිදුවූ හානිය පිළිබදව විශේෂඥ කණ්ඩායමක් විසින් වාර්තාවක් සකස් කර නීතිපතිවරයා වෙත භාරදුන්නා.

Leave a Reply

Your email address will not be published.