උදයංග වීරතුංග කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

විදේශගතවීමට අවසර දෙන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබෙයි.

ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකා ඩොලර් මිලියන 7ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වන නඩුවක  සැකකරුවෙකු ලෙස උදයංග වීරතුංග මහතා නම් කර තිබෙයි.

 ඔහු මීට පෙර ඇප මත මුදා හරින අවස්ථාවේ විදේශ ගමන් තහනම් පනවන ලදි.

ඒ අනුව මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ උදයංග වීරතුංග මහතාගේ නීතීඥවරයා කියා සිටියේ වෙළෙද සම්මන්ත්‍රණයකට සහභාගී වීම සදහා තම සේවාදායකයාට විදේශ ගත වීමට අවශ්‍ය බවයි. එහෙත් එම ඉල්ලීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළවිය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදේශගත වීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙයි

Leave a Reply

Your email address will not be published.