කිසිවකුට අසාත්මිකතා ඇති වී නෑ

– කොවිඩ් මර්දන බූස්ටරය ගන්න බිය වන්න එපා
– බූස්ටරයෙන් අවුරුද්දක ප්‍රතිශක්තියක්
– මරණවලින් වැඩි ප්‍රතිශතය 60ට වැඩි අය

කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම උදෙසා ලබා දෙන 4 වැනි බූස්ටර් එන්නත් මාත්‍රාව ගත් පිරිසෙන් කිසිවකු අසාද්මිකතාවකට ලක් වූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඊයේ (11) පැවසුවේය.

බූස්ටර් එන්නත් මාත්‍රා ලබා ගත් පුද්ගලයන්ට වයිරසයට ඔරොත්තු දීම සඳහා තවත් වසරකට පමණ ප්‍රතිශක්තිය සිරුර තුළ නිෂ්පාදනය වන බවද කී ඒ මහතා බූස්ටර් එන්නත් ගත් කිසිවකුට අසාද්මිකතා ඇති වූ බවට වාර්තා වී නැති බවත් කීවේය.

විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් මේ එන්නත ගැනීම ඉතා වැදගත් බවත් එන්නත ලබා ගැනීමට කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් හෙතෙම කීය.

දැනට සිදුව ඇති කොවිඩ් මරණවලින් වැඩි ප්‍රතිශතයක් වාර්තා වනුයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් බවද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.