මුහුදු රළට හසුවූ තරුණියන්ගේ දිවි බේරාගත් මෙහෙයුම

මුහුදු රළට හසුව ගසාගෙන යමින් සිටි තරුණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

නිලාවේලි මුහුදු තීරයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මෙලෙස බේරාගෙන ඇත්තේ 21 සහ 22 හැවිරිදි වයස් වල පසුවන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තරුණියන් දෙදෙනෙකි.

බේරාගැනීමෙන් පසු මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව තරුණියන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා නිලාවේලි රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.