සිසුන් අපයෝජනය කළ කපුවා 23 තෙක් රිමාන්ඩ්

බාල වයස්කාර සිසුන් අපයොජනය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උණවටුන ප්‍ර දේශයේ  දේවාලයක හිමිකාර  කපුවා ‍මෙම මස 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (11) නියෝග කළාය.

මෙම කපුවා බාල වයස්කාර සිසුන් විඩියෝ කරමින් අපයෝජනයට ලක්කරන බවට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published.