ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් වන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ඊයේ (12) රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව එම සංශෝධිත පනත් කෙටුම්පත මගින් දැක්වෙන්නේ, ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීමට හැකියාව ලැබෙන බවයි.
එමෙන් ම ඛනිජ තෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශවයන්ට බලපත්‍රයක් ලබාදීමට හැකි වන බවත් එහි සඳහන් වනවා.
මෙම සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මස 25 වෙනි දා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබුණා.
ඊයේ (12) රාත්‍රියේ ගැසට් පත්‍රයක් ලෙස ප්‍රකාශයට පත් කළ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද නියමිතයි.

Leave a Reply

Your email address will not be published.