සර්ව පාක්ෂික ආණ්ඩුවේ හොඳ දේට සහාය දෙනවා

බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි විය යුතු බවට ජාතික ජන බලවේගයද විශ්වාස කළ අතර, ඒ සඳහා දායක වන සෑම පක්ෂයකටම එක හා සමාන අයිතියක් තිබිය යුතු අතර, එය අන්තර්කාලීන ආණ්ඩුවක් විය යුතු බවටත් ජනාධිපතිවරයා අනාගත බල ව්‍යාපාරයක නිරත වන අයකු නොවිය යුතු බවටත් ජාතික ජන බලවේගයේ මතය බවත් අනුර දිසානායක මහතා පැවසීය.

එහෙත් වත්මන් ආණ්ඩුවේ උත්සාහය සෙසු දේශපාලන පක්ෂ, සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස්කරුවන් බවට පත් කර ගැනීම පමණක් බැවින් මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නව ජනවරමකට ජනතාවට අවස්ථාව දීම සිදු විය යුතු බවද අනුර දිසානායක මහතා පැවසීය. පවතින අර්බුදවලට එක රැයින් විසඳුම් දීමට නොහැකි බැවින් නව ජනවරමකට කඩිනමින් යා යුතු බවද ජනතාවට ඒ සඳහා අවස්ථාව දිය යුතු බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

එමෙන්ම හදිසි නීතිය යටතේ මර්දන නීති ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර, මර්දන නීති ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් යැයිද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.