ඩ්‍රෝනාව කඩා වැටීමෙන් ලක්ෂ 50ක් වතුරේ

පාර්ලිමේන්තුවේ  ආරක්ෂාව  වෙනුවෙන් යොදවනු ලැබූ  ඩ්‍රෝන යානය  දියවන්නා ඔයට කඩා වැටීමෙන්  රුපියල් ලක්ෂ පනහකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් පැවසේ.

එම  යානය පාවිච්චියට ගත නොහැකි අන්දමට විනාශ වී ඇතැයිද ඒ ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ ඩ්‍රෝන යානය  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වූවකි.  යානය දියවන්නා ඔයට  හදිසියේම කඩා වැටුණේ  පසුගිය  මස 20 වැනිදා  පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලැබ තිබියදීය.

යානයේ බැටරිය දුර්වලවීම නිසා එය මෙසේ කඩා වැටී ඇති බව දැනට කරන ලද පරීක්ෂණවලදී  තොරතුරු අනාවරණයවී ඇත. ඒ අවස්ථාවේදී යානය නිරුපද්‍රිතව ගොඩ බස්සවා ගැනීමට ගුවන් හමුදා නිලධාරීන් උපරිම උත්සාහ දරා ඇතත් එය ව්‍යාර්ථ වී ඇතැයි දැනගන්නට ඇත.

දියවන්නාවට කඩා වැටුණු ඩ්‍රෝන යානය නාවික හමුදා කිමිදුම් කන්ඩායමක් විසින් පසුගියදා සොයා ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.