අරගලකරුවන් ට අලුත් අරමුණක්

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත්වූ අරගලකරුවන් පිරිසක් අද (13) සිවිල් සංවිධාන හා ඒකාබද්ධවෙමින් නව වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා කර ඇත.

එහිදී ඔවුන් පැවසුවේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා සියලුම ජනතාවගේ සහාය අවශ්‍ය බවය.

එහිදි අදහස් දැක්වු අරගල ක්‍රියාකාරී සුසන්ත කොඩිතුවක්කු,

මුළු ලංකාවෙම සිවිල් සමාජ එකතු කරපු ශක්තිමත් බලවේගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත අද දවසේ ආරම්භ කළා.

අරගල ක්‍රියාකාරී මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ,

අපට මේ රටේ මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍යයි. ඒ සඳහා අද භාවිත කරන වචනය සිස්ටම් චේන්ජ්. ඒක ඇති කරගැනීම සඳහා සියලු අයගේ සහයෝගය ඉල්ලා සිටිනවා.

අරගල ක්‍රියාකාරී නිපුන් තාරක පරණවිතාන,

ගෝල්ෆේස් අරගල භූමියේ මත්ද්‍රව්‍ය තියනවා කියලා හැම ටිවී චැනල් එකකින්ම පෙන්නුවා. මත්ද්‍රව්‍ය පෙති තියෙනවා, කුඩු තියෙනවා, අයිස් තියෙනවා කියලා. එතකොට මේ රටට කවුද මත්ද්‍රව්‍ය ගෙන්නේ. මේ ඉන්න පාලකයෝ. පාලකයිගේ ආරක්ෂාව මැද්දේ එන මත්ද්‍රව්‍ය මේ පුරවැසියන්ට දීලා, මේ පුරවැසියෝ ඒ මත්ද්‍රව්‍ය බොනකොට කුඩුකාරයා.. ගංජාකාරයා.. කියලා හංවඩු ගහනවා. එතකොට මේ රටේ ඉන්න කොටසක් තමයි මේ අරගලෙත් ඉන්නේ. යම් යම් තැන්වල.

Leave a Reply

Your email address will not be published.