පොහොට්ටුව නාමල් අතට…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීමට සාකච්ඡා සිදු වෙමින් තිබේ.

ඒ අනුව එළඹෙන නොවැම්බර් මස දෙවැනි දා පැවැත් පැවැත්වෙන එම පක්ෂයේ සම්මේලනයේදී මෙම නව නිලධාරි මණ්ඩලය පත් කිරීමට යෝජනා වී ඇත.

දැනට එම පක්ෂයේ සභාපති ධුරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට යෝජනා වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාන ධුරයට ද පත් කිරීමට යෝජිත වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා කිසිදු තනතුරක් බාර නොගනු ඇති බවට ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.