ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිමය සහ පරිපාලන මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
සියලුම පිරවුම්හල් වෙත බෙදා හරින ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්ත පරික්ෂා කළ බවත් අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ධීවර, කෘෂිකර්ම, කර්මාන්ත සහ සංචාරක කර්මාන්ත ප්රමුඛ කර ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මහජන පැමිණිලි පිළිබඳව සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව කොලොන්නාව ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේදී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී බලශක්ති අමාත්‍යවරයා එසේ පැවසීය. බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කරන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් ඉන්දික අනුරුද්ධ, සුරේන් රාඝවන් සහ මදුර විතානගේ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.