ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය අද(15) ශ්‍රී ලංකාව වෙත භාරදීම සිදු විය.
ඒ ආරම්භක වසර දෙක සඳහා මෙරටට නොමිලේ ලබාදීමට කළ එකඟතාවයක් මතය.
ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කටුනායකදී ගුවන් යානය නිල වශයෙන් භාරදීම සිදුකළේය.
එම අවස්ථාවට ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන් ගෝර්මඩේ මහතාද එක් විය.
2018 වසරේදී ශ්‍රී ලංකාව, ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් මෙම යානය ශ්‍රී ලංකාව වෙත භාරදී තිබේ.
එය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉවහල් වන පියවරකි. මෙය ඉන්දියාවේ ශක්තිය ඉන්දියානු සාගර කලාපය සහ බෙංගාල බොක්ක ආශ්රිත ශ්‍රී ලංකාව වැනි රටවල් ඇතුළු මිතුරන් සහ අසල්වැසියන්ගේ ශක්තීන්ට එක් කිරීම සම්බන්ධයෙන් නිදසුනකි.