විදෙස් රැකියා පොළට ජනගඟක්

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුනකට අධික පිරිසකට මෙම වසර තුළදී විදේශ රැකියා ලබාදීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ මෙම වසරේ දෙවන විදේශ රැකියා පොල වැඩසටහන මතුගම ශාන්ත මේරී ජාතික පාසලේදී අද පැවැත්විණි.

විදේශ රැකියා අපේක්ෂකයින් විශාල පිරිසක් එක්වූ අතර, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන, රාජ්‍ය බැංකු, වෘත්තීය පුහුණු ආයතන රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

මෙහිදී සහභාගි වූ විදෙස් රැකියා අපේක්ෂිතයින් සඳහා, මැදපෙරදිග හා මැදපෙරදිග නොවන රටවල ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා, වෘත්තීය පුහුණු ආයතන වල මඟපෙන්වීම, වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා බඳවා ගැනීම, විදේශ රැකියාවක් සඳහා යාමට අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීම වැනි සේවාවන් රැසක් ලබා ගැනීම සඳහා අවස්ථාව හිමි විය.

මෙම අවස්ථාවට බුද්ධශාසන හා ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක, කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවෙල්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, සාමාන්‍යාධිකාරී ඩී. ඩී.පී.සේනානායක යන මහත්වරුන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published.