ඉකුත් 03 වැනිදා බාලවයස්කාර දැරියක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ලුණුගල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව, ලුණුගල පොලිස් ස්ථානය මඟින් සිදුකළ ඉල්ලීමකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොනරාගල, බුත්තල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය පස්සර කඳවුරේ උප පොලිස් පරීක්ෂක එස්.සී.ජේ. සමරවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් ඉකුත් 11 වැනිදා ලුණුගල පොලිස් වසමක් උඩකිරුව රක්ෂිතයේ, උඩකිරුව ප්‍රදේශයේ දී වැටලීමක් කළහ.
එහිදී ලුණුගල පොලිස් වසමේ ලුණුගල ප්‍රදේශයේ පදිංචි වයස අවු 14ක දැරියක්, පැහැරගෙන ගිය ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18ත් 53 අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනා විශේෂ කාර්ය බළකාය පස්සර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් හා ලුණුගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මහත් පරිශ්‍රමයක් දරා සැකකරුවන් දෙදෙනා සහ දැරිය අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලුණුගල පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව එම දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ලුණුගල රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර ඇත. සැකකරුවන් දැරිය පැහැරගෙන ගොස් උඩුකිරුව රක්‍ෂිත ප්‍රදේශයේ දින අටක් තිස්සේ රඳවාගෙන සිට තිබේ. 18 හැවිරිදි සැකකරු දැරියගේ පෙම්වතා බවද පැවැසේ.
