බ්‍රිතාන්‍ය අලුත්ම කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය ලබාදී තිබේ.මෙම නව කොවිඩ් එන්නතට කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදය පමණක් නොව ඔමික්‍රෝන් ප්‍රභේදය පවා පාලනය කිරීමට හැකියාව පවතින බව සඳහන්ය . මේ ආකාරයේ කොවිඩ් -19 එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට වන්නේද බ්‍රිතාන්‍යයයි.මොඩර්නා සමාගම මගින් නිපදවා ඇති එය, බූස්ටර් එන්නතක් ලෙස වැඩිහිටියන් සඳහා අනුමැතිය දුන් බව බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය පවසයි.
2022-08-16