ලංකාවේ වැඩිපුරම ඉන්ධන හොරකම් කළේ තෙල් සංස්ථාව තුළින්ම බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
තෙල් සංස්ථාව ඉහල පිරිස් විසින් තෙල් බවුසර ගණන් හොර පාරේ ඇද්ද බවත් ඔහු පැවසීය.
පිරවුම් හල් නැති තැන්වලටට ද ලියා පදිංචි කර ඒවාට තෙල් බවුසර් යවා ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.